උපන් දින සාදය මෙහෙම වෙයි කියලා හිතන්න නැතුව ඇති.. පුද්ගලයන් හතරකට දිවි අහිමි වෙයි .14 කට තුවාල. ඉලක්කගත සිදුවීමක් බවට අනාවරණයක්.

 

මේ බිහිසුණු වෙඩි තැබීම සිදුවෙලා තියෙන්නේ පුංචි දරුවෙකුගේ උපන් දින සාදයක් අතරතුර. ප.ව. 6:00ට මඳ වේලාවකට පෙර තමයි මේ සිදුවීම ගැන වාර්තා වෙන්නේ.මේ වෙඩි තැබීමේ සිදු වීම නිසා මරණයට පත් වූ ගණන 4 දෙනෙක් වන අතර තුවාල ලැබූ ගණන 14 දෙනෙක් ලෙස සටහන් වෙනවා.
මේ සිදුවීම ගැන ආරංචි වෙලා ස්ටොක්ටන්හි උප නගරාධිපති සැන් ජෝකින් මහතාත් දැඩි කම්පනයට හා කෝපයට පත්වෙලා කියලා තමයි ආරංචි.
"මෙම ප්‍රජාව තුළ හැදී වැඩුණු කෙනෙකු ලෙස ළමයකුගේ උපන් දින සාදයකදී සිදු වූ මෙම දැවැන්ත වෙඩි තැබීම ගැන දැන ගැනීමට ලැබීමෙන් මම දුකටත් කෝපයටත් පත්ව සිටිනවා" යනුවෙන් උප නගරාධිපති සැන් ජෝකින් පවසා තිබෙනවා.
ඔහු මේ ගැන ඉක්මනින්ම විමර්ශන තොරතුරු ඉල්ලා ඇති බවත් වාර්තා වෙනවා.
මුලික පරීක්ෂණවලින් පෙනී යන්නේ මේක සාමාන්‍ය වෙඩි තැබීමක් නොවී ඉලක්කගත සිදුවීමක් වෙන්න පුළුවන් බවයි. ඒ කියන්නේ සාදයට ආපු කවුරු හරි කෙනෙක් ඉලක්ක කරගෙන මේ අපරාධය කරලා තියෙන්න පුළුවන්.
කොහොම වුණත් මේ සිදුවීම අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ස්ටොක්ටන් නගරයේදී තමයි ඛේදවාචකය සිදුවෙලා තියෙන්නේ.

Post a Comment

Previous Post Next Post